ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් අද (07) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවා.

ඉදිරි විමර්ශනවලට අදාළව ඔවුන්ව මෙලෙස රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබෙනවා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු හතරදෙනෙක් සහ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තවත් සැකකරුවන් කිහිපදෙනෙකු මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබූ බවයි වාර්තා වාර්තා වුණේ.

පැය දෙකකට ආසන්න කාලයක් එහි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කෙරුණු ඔවුන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?