ගනේමුල්ල සංජීවගේ මවගෙන් අධිකරණයට ඉල්ලීමක්

වීරඟුල පොලිසිය භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 24 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ගනේමුල්ල සංජීව නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන අදාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජනවාරි මස 24 වනදා කැඳවන ලෙසයි.

ගනේමුල්ල සංජීව නමැත්තා ගේ මව වන එලන්නෝනා මැන්ඩිස් නැමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම පුත්‍රයා මේ වන විට වීරඟුල පොලිසිය භාරයේ රඳවාගෙන සිටින බවයි.

විමර්ශන කටයුතු සඳහා තම පුත්‍රයා වගඋත්තරකාර පොලිස් නිලධාරීන් යටතට පත් කිරීම තුළින් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව පෙත්සම්කාරිය පෙන්වා දෙනවා.

ඒ අනුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වන පොලිස් ඒකක වෙත තම පුත්‍රයා මාරු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?