කොළඹදී පැවැත්වෙන විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

උද්ඝෝෂකයින් පිරිසක් කොටුව ප්‍රදේශයට එක් රැස් වී පා ගමනින් විවිධ මාර්ගවලින් ගොස් ජනාධිපති කාර්යාලය ඇතුළු වෙනත් ගොඩනැගිලිවලට ඇතුලු වීමට සැලසුම් කරන බවට කොටුව පොලිසියට ලැබුණු තොරතුරු මත එය තහනම් කරන ලෙසටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව උද්ඝෝෂණයක් පැවැත්වුවහොත් උද්ඝෝෂණකරුවන් සහ මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී තත්වයක් මතු වී මහජන පීඩාවක් ඇතිවිය හැකි බැවින් එය වළක්වාලීම සඳහා සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

උද්ඝෝෂණය මෙහෙයවන පුද්ගලයන්ට සහ ඊට සහභාගී වන අයට අද පෙරවරු 11 සිට රාත්‍රී 7 දක්වා කාලය තුල කොටුව පොලිස් වසමේ මාර්ගවල අවහිරතාවක් හා මාර්ගයෙන් ගමන් ගන්නා ජනතාවට සහ මගී වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසටයි එම නියෝගයෙන් දන්වා ඇත්තේ.

එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය පරිශ්‍රය යන ස්ථානවලට ඇතුලු වීමෙන් වළකින ලෙසට ද නියෝග කර තිබෙනවා.

ඊට අමතරව පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසටත් මහජනයා ප්‍රකෝප විය හැකි ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු නොකරන ලෙසටත් නියෝග කරමින් වගඋත්තරකරුවන් 9 දෙනෙකුට හා ඔවුන් සමග සහභාගී වන වෙනත් පුද්ගලයන් වෙත අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර ඇත්තේ.

මෙම ආඥාව කඩ කිරීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට ද පෙන්වාදී තිබෙනවා.

Police Report
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10