අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
උද්ඝෝෂකයින් පිරිසක් කොටුව ප්‍රදේශයට එක් රැස් වී පා ගමනින් විවිධ මාර්ගවලින් ගොස් ජනාධිපති කාර්යාලය ඇතුළු වෙනත් ගොඩනැගිලිවලට ඇතුලු වීමට සැලසුම් කරන බවට කොටුව පොලිසියට ලැබුණු තොරතුරු මත එය තහනම් කරන ලෙසටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව උද්ඝෝෂණයක් පැවැත්වුවහොත් උද්ඝෝෂණකරුවන් සහ මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී තත්වයක් මතු වී මහජන පීඩාවක් ඇතිවිය හැකි බැවින් එය වළක්වාලීම සඳහා සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
උද්ඝෝෂණය මෙහෙයවන පුද්ගලයන්ට සහ ඊට සහභාගී වන අයට අද පෙරවරු 11 සිට රාත්‍රී 7 දක්වා කාලය තුල කොටුව පොලිස් වසමේ මාර්ගවල අවහිරතාවක් හා මාර්ගයෙන් ගමන් ගන්නා ජනතාවට සහ මගී වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසටයි එම නියෝගයෙන් දන්වා ඇත්තේ.
එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය පරිශ්‍රය යන ස්ථානවලට ඇතුලු වීමෙන් වළකින ලෙසට ද නියෝග කර තිබෙනවා.
ඊට අමතරව පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසටත් මහජනයා ප්‍රකෝප විය හැකි ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු නොකරන ලෙසටත් නියෝග කරමින් වගඋත්තරකරුවන් 9 දෙනෙකුට හා ඔවුන් සමග සහභාගී වන වෙනත් පුද්ගලයන් වෙත අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර ඇත්තේ.
මෙම ආඥාව කඩ කිරීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට ද පෙන්වාදී තිබෙනවා.















DAN DAN USAWIYATH MARU.POLICIYA NEETHIA GANIKA SEWAYE YODHAWANAWA. BUILDING WALATA ATHULU WENA BAWATA SAKSHI THIYENAWA NAM IDIRIPATH KARANNA KIYALA KIYANNE NATHUWA ARUN GE KATIN HALENNA KALIN BAN KARANAWA. HEBAYI THAMATH NEETHIYA USAWIYA SAHA GARU WINISURUTHUMAN LA GEN 99.99%K MA APAKSHAPATHIYI, SWADHEENAYI, ADHEENAYI. APITA ITHURU WELA THIYENNETH OKA WITHARAYI. MUN BALANWA EKATH NAWANNA.