කොවිඩ් වෛරසය නිසා තවත් භයානක තත්ත්වයක් – විශේෂ හෙළිදරව්ව මෙන්න

කොවිඩ් හේතුවෙන් විෂාදය ඇතුළු කිහිප ආකාරයක මානසික රෝග ඇතිවීමේ ප්‍රවනතාව මේ වනවිට ඉහළ යමින් ඇති බව විශේෂඥ වෛද්‍ය රූමී රූබන් පවසනවා.

කාණ්ඩ 3කට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවන් අනූව පොදුවේ සියයට 40ක පමණ පිරිසක් විවිධ මානසික ව්‍යාකූලතාවලට ලක්ව සිටින බව හෙළිව තිබේ.

මූලිකවම කොවිඩ් වැළඳී සුව වූ පිරිස අතරින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයකට බය, තැතිගැන්ම, හුස්ම ගැනීමේ අපහසුව, මතකය අඩුවීම වැනි රෝග ලක්ෂණ වාර්තා වී ඇත. එයින් සියයට 30කට පමණ විෂාදියට සමාන කනගාටුව, ශෝකය කලකිරීම සහ රෝග සඳහා භීතීය වැනි රෝගී ලක්ෂණ මතුව ඇති බව සනාථ වී තිබේ.

මේ හැර දීර්ඝකාලීනව ලොක්ඩවුන්වලට ලක්වීම සහ නිරෝධායනයට ලක්වූ උදවිය අතරින් සියයට 20-30ක් අතර කණ්ඩායමකට දීර්ඝ කාලීනව පවතින රෝග සඳහා වූ අනියත බිය, හිතින් මවාගත් රෝගී තත්ත්ව ගැන තැවීම. විවිධ රෝග තමන්ටද ඇතැයි සැකකර ඒ ගැන දිගින් දිගට මාධ්‍ය ඔස්සෙ පවා කරුණු සොයන්නට පෙළඹීම,‍ විවිධ ප්‍රතිකාර වෙනස් කරමින් ලබාගැනීමට පෙලඹීම. ඒ හේතුවෙන්ම මානසිකව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම, මේ හේතුවෙන් එදිනෙදා වැඩ කටයුතු පවා අවුල් කර ගැනීම වැනි මානසික ව්‍යාකූලතා වැළඳී ඇති බව සොයාගෙන ඇත.

කොවිඩ් සමග දීර්ඝකාලීනව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්ගේ සියයට 30 පමණ පිරිසක් අතර මේ තත්ත්වය වඩාත් දැඩිව වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය රූමී රූබන් පෙන්වා දෙයි. නින්ද නොයාම, ඉක්මන් කෝපය, නොරිස්සුම් ස්වභාවය, හුස්ම ගැනීමේ අපහසුතා, විඩාවට පත්වීම, ප්‍රබෝධය හීන වී යාම වැනි මානසික අසාමාන්‍යතා බහුලව වාර්තාවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?