කොවිඩ් වෛරසය නිසා තවත් භයානක තත්ත්වයක් – විශේෂ හෙළිදරව්ව මෙන්න

කොවිඩ් හේතුවෙන් විෂාදය ඇතුළු කිහිප ආකාරයක මානසික රෝග ඇතිවීමේ ප්‍රවනතාව මේ වනවිට ඉහළ යමින් ඇති බව විශේෂඥ වෛද්‍ය රූමී රූබන් පවසනවා.

කාණ්ඩ 3කට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවන් අනූව පොදුවේ සියයට 40ක පමණ පිරිසක් විවිධ මානසික ව්‍යාකූලතාවලට ලක්ව සිටින බව හෙළිව තිබේ.

මූලිකවම කොවිඩ් වැළඳී සුව වූ පිරිස අතරින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයකට බය, තැතිගැන්ම, හුස්ම ගැනීමේ අපහසුව, මතකය අඩුවීම වැනි රෝග ලක්ෂණ වාර්තා වී ඇත. එයින් සියයට 30කට පමණ විෂාදියට සමාන කනගාටුව, ශෝකය කලකිරීම සහ රෝග සඳහා භීතීය වැනි රෝගී ලක්ෂණ මතුව ඇති බව සනාථ වී තිබේ.

මේ හැර දීර්ඝකාලීනව ලොක්ඩවුන්වලට ලක්වීම සහ නිරෝධායනයට ලක්වූ උදවිය අතරින් සියයට 20-30ක් අතර කණ්ඩායමකට දීර්ඝ කාලීනව පවතින රෝග සඳහා වූ අනියත බිය, හිතින් මවාගත් රෝගී තත්ත්ව ගැන තැවීම. විවිධ රෝග තමන්ටද ඇතැයි සැකකර ඒ ගැන දිගින් දිගට මාධ්‍ය ඔස්සෙ පවා කරුණු සොයන්නට පෙළඹීම,‍ විවිධ ප්‍රතිකාර වෙනස් කරමින් ලබාගැනීමට පෙලඹීම. ඒ හේතුවෙන්ම මානසිකව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම, මේ හේතුවෙන් එදිනෙදා වැඩ කටයුතු පවා අවුල් කර ගැනීම වැනි මානසික ව්‍යාකූලතා වැළඳී ඇති බව සොයාගෙන ඇත.

කොවිඩ් සමග දීර්ඝකාලීනව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්ගේ සියයට 30 පමණ පිරිසක් අතර මේ තත්ත්වය වඩාත් දැඩිව වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය රූමී රූබන් පෙන්වා දෙයි. නින්ද නොයාම, ඉක්මන් කෝපය, නොරිස්සුම් ස්වභාවය, හුස්ම ගැනීමේ අපහසුතා, විඩාවට පත්වීම, ප්‍රබෝධය හීන වී යාම වැනි මානසික අසාමාන්‍යතා බහුලව වාර්තාවී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46