කොවිඩ් වසංගතය මැද වෛද්‍ය බිරිඳගේ දින චර්යාව ගැන සැමියා තැබූ සටහන

මහත්තයා, MOH නෝනට කතා කරන්න පුළුවන්ද?

එයා හොදටම නිදි. ඒත් එයාගෙ ෆෝන් එක රිංග්වෙනව. වෙලාව පාන්දර තුනයි හතලිහයි. කාගෙන්ද බලන්නෙ නැතුව මම ආන්සර් කෙරුව. අනිත් කෙරවලෙන් ඇහුනෙ වෙව්ලන කටහඬක්.

“මහත්තයා, නෝනට කතා කරන්න පුළුවන්ද?”
“මොකද හදිස්සිය?” මම ඇහුව.
“මගෙ නෝනට බබා ලැබෙන්න දින තියෙන්නෙ ලබන සතියෙ. ඒත් දැන් හොදටම අමාරුයි. අපි නිරෝධායනය වෙලා හින්ද කවුරුත් එන්නෙ නැහැ, ලෙඩාව ගෙනියන්න. 1990ත් දුරක ගිහිල්ලලු.”

ඉතිරි ටික අහගන්න එයාව ඇහැරවල ෆෝන් එක අතට දුන්නා. මුලින් නිදිමතෙන් කතා කෙරුවත් ඇඳෙන් බැහැල කලබලෙන් එයා කොහේටද කෝල් කරනව ඇහෙද්දි මට නින්ද ගියා.

වෙලාව පාන්දර පහයි දහයයි මගෙ ෆෝන් එක රිංග්වෙනව.

“මහත්තයා , නෝනගෙ නම්බර් දෙකම එන්ගේජ්. අනේ ෆෝන් එක පොඩ්ඩක් නෝනට දෙන්න. අපි හතර දෙනාම පොසිටිව්. පොඩිදරුවට දැන් හුස්ම ගන්න බැහැ.”

මම එයාව හොයද්දි එක ෆෝන් එකක් කනේගහගෙන. අතේ තියෙන එකත් රිංග්ස් යනවා. දැන් කොහොමද මගෙ ෆෝන් එක එයාට දෙන්නෙ. ආයිත් මට කෝල් එකක්.

“මම පිඑච්අයි මහත්තයෙක් කතා කරන්නෙ. මැඩම්ට ගන්න බැහැ. හදිස්සියක්. මැඩම් ට ෆෝන් එකදෙනවද?”

එතකොට එයා නාන කාමරේ, ඒත් ටැප් එකේ වතුර සද්දෙ වෙනුවට ඇහෙන්නෙ කලබලෙන් කාටද කතාකරන සද්දෙ. වෙලාව අටට විතර ඇති එයා වෙනද අඳින සාරිය වෙනුවට කොලපාට සැහැල්ලු ඇඳුම ඇදල පිටත්වෙන්න සූදානම.

“අද කඩ වහල. පොඩ්ඩක් ඉන්න මම ඉක්මනට රොටියක් හදන්නම් කාල යන්න.”මම කිව්වා.
“ඔයාල හදාගන්න. මට බඩගිනි නැහැ,” කියල එයා MOH එකට පිටත්වුනා. ඊට පස්සෙ මට එක දිගට ආපු ඇමතුම් එයාගෙ පණිවිඩ. ඒ පණිවිඩ එයාට කියන්න ගත්තු හැම වෙලාවකම එන්ගේජ්. හවස හතරට විතර එයාගෙන් කෝල් එකක්.

“ඇයි මට කතාකරල තිබ්බෙ?” කතා කරපු හේතු ඒ වෙනකොට මතකත් නැහැ.
“ඔයා දවල්ට කාලද?” මම ඇහුවා.
“තවම නෑ”
“කෑම එකක් එවන්නද?”
“එපා. මම විතරක් කන්නෙ කොහොමද? MOH එකේ කවුරුත් තවම කාල නහැ. අපි දැන් තේ බීවා.”
(සමහරවිට ඒක බොරුවක් වෙන්නත් ඇති.)

ඇඳිරි වැටිලත් පැය ගානකට පස්සෙ එයා ගෙදර ආවා. ආපු ගමන් කෑම මේසෙ වාඩිවෙලා මමයි දරුවොයි හදපු දවල් කෑම පිගානකට බෙදාගත්තා. අපි හතර දෙනා එයා වටේ වාඩිවුනා.

“අද නම් මහන්සියි ඉක්මනට නිදා ගන්න ඕනැ,” එයා කියුවා. අපි හතර දෙනා ඔළුව වැනුවා. මම ඉක්මනින් නින්දට වැටුනා. වෙලාව රෑ එකොළහයි හතලියයි. මගෙ ෆෝන් එකට කෝල් එකක්.

“අනේ මහත්තයා, නෝනට ⁣ෆෝන් එක දෙන්න අම්මට හොඳටම අමාරුයි හතිය වැඩිවෙලා.”එයා ,ඇඳේ නැහැ. නිදිමතේම මම එයාව හෙව්ව. අඳුරු ස්තෝප්පුවෙ කෙලවරක වාඩිවෙලා. “ඇයි මේ?” මම ඇහුව.

“අමාරුවෙච්චි කෙනෙකුට ICU ඇඳක් හොයනවා”. එයා කිව්වා.
මීගහතැන්න වෛද්‍ය නිලධාරිනිය මගේ බිරිඳය. ඉහත සටහන ඇයගේ එක දිනක් නොව මේ දිනවල සාමාන්‍ය චර්යාවය.

– චන්දන ගුණසිංහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18