කොවිඩ් වසංගතය මැද වෛද්‍ය බිරිඳගේ දින චර්යාව ගැන සැමියා තැබූ සටහන

මහත්තයා, MOH නෝනට කතා කරන්න පුළුවන්ද?

එයා හොදටම නිදි. ඒත් එයාගෙ ෆෝන් එක රිංග්වෙනව. වෙලාව පාන්දර තුනයි හතලිහයි. කාගෙන්ද බලන්නෙ නැතුව මම ආන්සර් කෙරුව. අනිත් කෙරවලෙන් ඇහුනෙ වෙව්ලන කටහඬක්.

“මහත්තයා, නෝනට කතා කරන්න පුළුවන්ද?”
“මොකද හදිස්සිය?” මම ඇහුව.
“මගෙ නෝනට බබා ලැබෙන්න දින තියෙන්නෙ ලබන සතියෙ. ඒත් දැන් හොදටම අමාරුයි. අපි නිරෝධායනය වෙලා හින්ද කවුරුත් එන්නෙ නැහැ, ලෙඩාව ගෙනියන්න. 1990ත් දුරක ගිහිල්ලලු.”

ඉතිරි ටික අහගන්න එයාව ඇහැරවල ෆෝන් එක අතට දුන්නා. මුලින් නිදිමතෙන් කතා කෙරුවත් ඇඳෙන් බැහැල කලබලෙන් එයා කොහේටද කෝල් කරනව ඇහෙද්දි මට නින්ද ගියා.

වෙලාව පාන්දර පහයි දහයයි මගෙ ෆෝන් එක රිංග්වෙනව.

“මහත්තයා , නෝනගෙ නම්බර් දෙකම එන්ගේජ්. අනේ ෆෝන් එක පොඩ්ඩක් නෝනට දෙන්න. අපි හතර දෙනාම පොසිටිව්. පොඩිදරුවට දැන් හුස්ම ගන්න බැහැ.”

මම එයාව හොයද්දි එක ෆෝන් එකක් කනේගහගෙන. අතේ තියෙන එකත් රිංග්ස් යනවා. දැන් කොහොමද මගෙ ෆෝන් එක එයාට දෙන්නෙ. ආයිත් මට කෝල් එකක්.

“මම පිඑච්අයි මහත්තයෙක් කතා කරන්නෙ. මැඩම්ට ගන්න බැහැ. හදිස්සියක්. මැඩම් ට ෆෝන් එකදෙනවද?”

එතකොට එයා නාන කාමරේ, ඒත් ටැප් එකේ වතුර සද්දෙ වෙනුවට ඇහෙන්නෙ කලබලෙන් කාටද කතාකරන සද්දෙ. වෙලාව අටට විතර ඇති එයා වෙනද අඳින සාරිය වෙනුවට කොලපාට සැහැල්ලු ඇඳුම ඇදල පිටත්වෙන්න සූදානම.

“අද කඩ වහල. පොඩ්ඩක් ඉන්න මම ඉක්මනට රොටියක් හදන්නම් කාල යන්න.”මම කිව්වා.
“ඔයාල හදාගන්න. මට බඩගිනි නැහැ,” කියල එයා MOH එකට පිටත්වුනා. ඊට පස්සෙ මට එක දිගට ආපු ඇමතුම් එයාගෙ පණිවිඩ. ඒ පණිවිඩ එයාට කියන්න ගත්තු හැම වෙලාවකම එන්ගේජ්. හවස හතරට විතර එයාගෙන් කෝල් එකක්.

“ඇයි මට කතාකරල තිබ්බෙ?” කතා කරපු හේතු ඒ වෙනකොට මතකත් නැහැ.
“ඔයා දවල්ට කාලද?” මම ඇහුවා.
“තවම නෑ”
“කෑම එකක් එවන්නද?”
“එපා. මම විතරක් කන්නෙ කොහොමද? MOH එකේ කවුරුත් තවම කාල නහැ. අපි දැන් තේ බීවා.”
(සමහරවිට ඒක බොරුවක් වෙන්නත් ඇති.)

ඇඳිරි වැටිලත් පැය ගානකට පස්සෙ එයා ගෙදර ආවා. ආපු ගමන් කෑම මේසෙ වාඩිවෙලා මමයි දරුවොයි හදපු දවල් කෑම පිගානකට බෙදාගත්තා. අපි හතර දෙනා එයා වටේ වාඩිවුනා.

“අද නම් මහන්සියි ඉක්මනට නිදා ගන්න ඕනැ,” එයා කියුවා. අපි හතර දෙනා ඔළුව වැනුවා. මම ඉක්මනින් නින්දට වැටුනා. වෙලාව රෑ එකොළහයි හතලියයි. මගෙ ෆෝන් එකට කෝල් එකක්.

“අනේ මහත්තයා, නෝනට ⁣ෆෝන් එක දෙන්න අම්මට හොඳටම අමාරුයි හතිය වැඩිවෙලා.”එයා ,ඇඳේ නැහැ. නිදිමතේම මම එයාව හෙව්ව. අඳුරු ස්තෝප්පුවෙ කෙලවරක වාඩිවෙලා. “ඇයි මේ?” මම ඇහුව.

“අමාරුවෙච්චි කෙනෙකුට ICU ඇඳක් හොයනවා”. එයා කිව්වා.
මීගහතැන්න වෛද්‍ය නිලධාරිනිය මගේ බිරිඳය. ඉහත සටහන ඇයගේ එක දිනක් නොව මේ දිනවල සාමාන්‍ය චර්යාවය.

– චන්දන ගුණසිංහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10