කොවිඩ් එන්නත විදගත් අයගෙන් විශේෂ ඉල්ලීමක්

කොවිඩ් මර්ධන එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ගෙන් කොළඹ මහ නගරසභාවේ නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මිය විශේෂ ඉල්ලීමක් සිදුකරනවා.

කොළඹ නගර සීමාවේ සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල අතරතුර එම එන්නත් ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට සිදුවූවේ නම් ලඟම ඇති පොලීසියට, අල්ලස් කොමිසමට හෝ කොළඹ මහ නගර සභාව වෙත ඒ බව දැනුම් දෙන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් එන්නත් ලබා දීමේදී සිදුවූ බව පැවසෙන මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී යි.

කෙසේ වෙතත් තමන් වෙත මෙවන් සිදුවීමක් පිළිබඳ මෙතෙක් පැමිණිල්ලක් පැමිණ නොමැති බව ද ඇය පවසනවා.

සාක්ෂි සහිතව පැමිණිලි කළ හොත් ඒ පිළිබඳව අනිවාර්යයෙන් විමර්ශනයක් සිදුකරන බව ද ඇය අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?