කොරෝනා නිර්මාණය වුණේ විද්‍යාගාරයක – තවත් පරික්ෂණ වාර්තාවක් එළියට

ලෝකය තුළ පෙර කවරදාටත් වඩා දැන් කොරෝනා වෛරසය විද්‍යාගාරයක නිර්මාණය වූ බවට විශ්වාසය පැතිර යමින් තිබෙනවා. 

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් මේ විද්‍යාගාරයක නිපදවූ බවට යන මතය සෙවීම සඳහා බුද්ධි අංශ මඟින් පරික්ෂණයක් ද ආරම්භ කරලා.

මේ අතර ඇමෙරිකාවේ රජයේ රසායනාගාරයක් විසින් නිකුත් කළ වාර්තාවක් “ද වෝල් ස්ට්‍රීට් ජර්නල්” විසින් පළ කර තිබුණු අතර එය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරලා තිබුණේ එම වාර්තාවේ පවසන පරිදි  චීනයේ වුහාන්වල පිහිටි වෛරස් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන විද්‍යාගාරයකින් වෛරසය කාන්දු වූ බවට උපකල්පනය කළ හැකි බවයි. එය වැඩිදුර විමර්ශනය සඳහා සුදුසුය යන්නයි.

මෙම අධ්‍යයන වාර්තාව සකස් කිරීම ආරම්භ කර තිබුණේ ලෝරන්ස් ලිවර්මෝර් ජාතික රසායනාගාරය විසින් වන අතර එය 2020 මාර්තු මාසයේ දී ආරම්භ කර තිබුණා. රම්ප් පරිපාලනයේ අවසන් මාස කිහිපය තුළ වසංගතයේ මූලාරම්භය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පවසා තිබුණු අතර ඒ අනුව මෙම වාර්තාව සකස් කර එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණා.

ලෝරන්ස් ලිවර්මෝර් රසායනාගරයේ කොවිඩ්-19  වෛරසය පිළිබඳ වාර්තාව පදනම් වී ඇත්තේ ජානමය විශ්ලේෂණයන් මත බවද ද වෝල් ස්ට්‍රීට් ජර්නලයේ සටහන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය විසින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා ලෝරන්ස් ලිවර්මෝර් රසායනාගර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබුණත් ඔවුන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.

වත්මන් ජනපති ජෝ බයිඩන් විසින් වෛරසයේ මුලාරම්භය සොයා පරික්ෂණයක් කරන ලෙසද මේ වන විටත් දැනුම් දී අවසන්. 

ඇමෙරිකානු බුද්ධි අංශ විසින් කරුණු දෙකක් යටතේ වෛරසයේ මුලාරම්භය පිළිබඳව තොරතුරු රැස් කරමින් සිටින අතර එම කරුණු දෙක වන්නේ වෛරසය විද්‍යාගාරයකින් කාන්දු වූ බවට වන මතය සහ වෛරසය සතෙකුගෙන් මිනිසාට බෝ වුණාද යන්න පිළිබඳවයි.

මෙම කරුණු දෙකෙන් එකක් තහවුරු වනතුරු වෛරසයේ මුලාරම්භය පිළිබඳව අවසන් නිගමනයකට එළැඹිය නොහැකි බවද ජනාධිපතිවරයා විසින් පවසා තිබුණා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමය තුළ නිකුත් වූ බුද්ධි අංශ වාර්තාවක සඳහන් වුයේ 2019 නොවැම්බර් මාසයේ දී චීනයේ වුහාන් විද්‍යාගාරයේ පර්යේෂකයන් තිදෙනෙකු කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ සහ තවත් රෝග ලක්ෂණ කිහිපයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇතිබවයි.

චිනය වෙත දිගින් දිගිටම එල්ල වෙන මෙම චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටින අතර මෙම තොරතුරු නිවැරැදි නොවන බවට ඔවුන් මෙතෙක් සාධක සහිතව පෙන්වීමක් ද කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20
Video thumbnail
හදිසියේම දෙහිවල පොලිසිය කළ විශේෂ මෙහෙයුම.. ගිනි අවියක් සොයාගයි
02:14
Video thumbnail
ගල් බෝතලයක් නිසා පාර්ලිමේන්තුව රත්වෙයි..ප්‍රශ්නේ තමයි මේ අහන්නේ..මොන නාඩගමක්ද?
04:26


?