AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා දේශීය වෛද්‍ය සායනයකට බටහිර වෛද්‍යවරුන්ගෙන් බාධා

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන සංකූලතා සදහා ප‍්‍රතිකාර ලබාදීම සදහා ගිරාදුරුකෝට්ටේදී පැවති දේශීය සහ ආර්යුවේද වෛද්‍ය සායනයකට බටහිර වෛද්‍යවරුන්ගෙන් බාධා එල්ලවී තිබේ.

ගිරාඳුරුකෝට්ටේ අගලඔය විහාරස්ථාන පරිශ‍්‍රයේදී කෝවිඞ් මරණ වලකමු එකමුතුව විසින් මෙම වෛද්‍ය සායනය සූදානම් කර තිබුණි.

අගලඔය විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම සායනයට එන්නත්කරණයෙන් සංකූලතා ඇති වූ පුද්ගලයින් 500 කට වඩා ලියාපදිංචි වී තිබිණි.

එනමුත් උදෑසන එම ස්ථානයට පැමිණි දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීතුමා මෙම ක‍්‍රියාවලියට බාධා කළ බවට කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව චෝදනා කරයි. දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ප‍්‍රකාශ කර තිබුණේ මෙසේ සායන පැවැත්වීමෙන් එන්නත්කරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට බාධා ඇතිවන බවයි.

මීට සහභාගී වූ පාරම්පරික වෛද්‍ය තරංග පොරවගමගේ මහතා ඊට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කර තිබුණේ රජයේ වැඩපිළිවෙලට අපගෙන් කිසිදු බාධාවක් නොවන බව හා එන්නත්කරණයෙන් සංකූලතා ඇති වූ පුද්ගලයින් රාශියක් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්ය. තවද වෛද්‍යවරයෙකු වශයෙන් එම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම ඔවුන්ගේ වෛද්‍යමය වගකීම බවයි.

මෙහිදී දෙපිරිස අතර උණුසුම් කතාබහක් ඇති වූ අතර එම ස්ථානයට රැුස්ව සිටි ජනතාව ප‍්‍රකාශ කර තිබුණේ ද එන්නත්කරණයෙන් පසු ඔවුන්ට විවිධාකාරයේ අතුරු ආබාධ ඇති වී තිබෙන බවත්ය. වෛද්‍ය සායනයට පැමිණ සිටි පිරිස දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාට සිය විරෝධය දක්වා තිබූ අතර ඒ සමගින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණි.

මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය හමුවක් කැඳවූ කෝවිඞ් මරණ වලකමු එකමුතුවේ දේශීය හා පාරම්පරික වෛද්‍ය කණ්ඩායම ප‍්‍රකාශ කර සිටියේ පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන්ට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට බාධා කිරීමට කිසිදු බටහිර වෛද්‍යවරයෙකුට නීතිමය වශයෙන් හැකියාවක් නොමැති බවයි. තවදුරටත් ඔවුන් ප‍්‍රකාශ කළේ මේ පිළිබඳව දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාට විරුද්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?