කොරෝනා දේශීය වෛද්‍ය සායනයකට බටහිර වෛද්‍යවරුන්ගෙන් බාධා

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන සංකූලතා සදහා ප‍්‍රතිකාර ලබාදීම සදහා ගිරාදුරුකෝට්ටේදී පැවති දේශීය සහ ආර්යුවේද වෛද්‍ය සායනයකට බටහිර වෛද්‍යවරුන්ගෙන් බාධා එල්ලවී තිබේ.

ගිරාඳුරුකෝට්ටේ අගලඔය විහාරස්ථාන පරිශ‍්‍රයේදී කෝවිඞ් මරණ වලකමු එකමුතුව විසින් මෙම වෛද්‍ය සායනය සූදානම් කර තිබුණි.

අගලඔය විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම සායනයට එන්නත්කරණයෙන් සංකූලතා ඇති වූ පුද්ගලයින් 500 කට වඩා ලියාපදිංචි වී තිබිණි.

එනමුත් උදෑසන එම ස්ථානයට පැමිණි දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීතුමා මෙම ක‍්‍රියාවලියට බාධා කළ බවට කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව චෝදනා කරයි. දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ප‍්‍රකාශ කර තිබුණේ මෙසේ සායන පැවැත්වීමෙන් එන්නත්කරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට බාධා ඇතිවන බවයි.

මීට සහභාගී වූ පාරම්පරික වෛද්‍ය තරංග පොරවගමගේ මහතා ඊට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කර තිබුණේ රජයේ වැඩපිළිවෙලට අපගෙන් කිසිදු බාධාවක් නොවන බව හා එන්නත්කරණයෙන් සංකූලතා ඇති වූ පුද්ගලයින් රාශියක් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්ය. තවද වෛද්‍යවරයෙකු වශයෙන් එම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම ඔවුන්ගේ වෛද්‍යමය වගකීම බවයි.

මෙහිදී දෙපිරිස අතර උණුසුම් කතාබහක් ඇති වූ අතර එම ස්ථානයට රැුස්ව සිටි ජනතාව ප‍්‍රකාශ කර තිබුණේ ද එන්නත්කරණයෙන් පසු ඔවුන්ට විවිධාකාරයේ අතුරු ආබාධ ඇති වී තිබෙන බවත්ය. වෛද්‍ය සායනයට පැමිණ සිටි පිරිස දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාට සිය විරෝධය දක්වා තිබූ අතර ඒ සමගින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණි.

මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය හමුවක් කැඳවූ කෝවිඞ් මරණ වලකමු එකමුතුවේ දේශීය හා පාරම්පරික වෛද්‍ය කණ්ඩායම ප‍්‍රකාශ කර සිටියේ පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන්ට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට බාධා කිරීමට කිසිදු බටහිර වෛද්‍යවරයෙකුට නීතිමය වශයෙන් හැකියාවක් නොමැති බවයි. තවදුරටත් ඔවුන් ප‍්‍රකාශ කළේ මේ පිළිබඳව දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාට විරුද්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51