AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත T20 තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ පූනේහිදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

රාත්‍රී 7ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පළමු තරගයෙන් ලකුණු 2කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට ඇත්තේ ඉහළ බලාපොරොත්තුවක්.

බලාපොරොත්තු වූ ආකාරයෙන් කිසිදු වෙනස්කමක් අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවී නැහැ. ඒ අනුව පළමු තරගයට එක්ව්ූ කණ්ඩායම අද දිනයේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කරනවා.

ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවී ඇති අතර Sanju Samson වෙනුවෙන් Rahul Tripathi කණ්ඩායමට කැඳවා ඇති අතර Harshal Patel වෙනුවෙන් Arshdeep Singh කණ්ඩායමට කැඳවා ඇති බවයි ඉන්දීය නායකයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?