කාසියේ වාසිය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත T20 තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ පූනේහිදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

රාත්‍රී 7ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පළමු තරගයෙන් ලකුණු 2කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට ඇත්තේ ඉහළ බලාපොරොත්තුවක්.

බලාපොරොත්තු වූ ආකාරයෙන් කිසිදු වෙනස්කමක් අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවී නැහැ. ඒ අනුව පළමු තරගයට එක්ව්ූ කණ්ඩායම අද දිනයේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කරනවා.

ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවී ඇති අතර Sanju Samson වෙනුවෙන් Rahul Tripathi කණ්ඩායමට කැඳවා ඇති අතර Harshal Patel වෙනුවෙන් Arshdeep Singh කණ්ඩායමට කැඳවා ඇති බවයි ඉන්දීය නායකයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30