ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා තුනක්

ක්‍රීඩා සදහා නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගොනු කළ අභියාචනා පෙත්සම් තුනක් ලබන 15 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අදාළ පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන 15 සහ 18 යන දිනවල සලකා බැලීමට විනිසුරු මඩුල්ල තීරණය කළා..

ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රීඩා සදහා නව ක්‍රීඩා රෙගුලාසි හඳුන්වා දෙමින් 2022 වසරේ දෙසැම්බර් 14 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම ක්‍රීඩා රෙගුලාසි වලින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සඳහන් කරමින් ක්‍රීඩා සංගම් කිහිපයක් ගොනු කළ රිට් පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝග නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඒවා බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47