spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා තුනක්

ක්‍රීඩා සදහා නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගොනු කළ අභියාචනා පෙත්සම් තුනක් ලබන 15 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අදාළ පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන 15 සහ 18 යන දිනවල සලකා බැලීමට විනිසුරු මඩුල්ල තීරණය කළා..

ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රීඩා සදහා නව ක්‍රීඩා රෙගුලාසි හඳුන්වා දෙමින් 2022 වසරේ දෙසැම්බර් 14 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම ක්‍රීඩා රෙගුලාසි වලින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සඳහන් කරමින් ක්‍රීඩා සංගම් කිහිපයක් ගොනු කළ රිට් පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝග නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඒවා බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?