මාර්තු මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්

මෙම වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සැළකිය යුතු පහළ යාමක් පෙන්නුම් කරන බව
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පවසන්නේ පසුගිය මාර්තු මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් බවයි.

එය පසුගිය 2025 වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව 19.7%ක පහළ යාමක්.

මෙම වසරේ ර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 47,533ක් වනවා.

මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට මාර්තු මස 31 වනදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 740,634ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11