කරාතේ සම්මේලනය ගැන නඩුවට ලේඛන දෙන්න අභියාචනාධිකරණය නීතිපතිට කල් දෙයි

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය තුළ සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වූ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දී තිබෙනවා.

කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කර ඒ සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සම්මේලනය විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එහි.සී. බී. එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම සලකා බැලීම සඳහා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ කරාතේ සම්මේලනයේ සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එම වාර්තාව පදනම් කර ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිල්ලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කිරිමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තම සේවාදායකයින් ගෙන් කරුණු විමසීමක් සිදු කර නොමැති බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ පියවර සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම ලබන 6 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදිනට පෙර අදාළ ලේඛණ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?