AFC Banner
AFC Banner
Empty Ad

කර්මාන්තශාලා සේවකයෙකු යන්ත්‍රයකට හසු වී ජීවිතක්ෂයට

පල්ලෙවෙල, මුද්දරගම ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යාමේ දී එහි සේවකයෙකු එම යන්ත්‍රයට හසු වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (02) උදෑසන කර්මාන්ත ශාලා සේවකයා මෙම අනතුරට මුහුණ පා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය පුද්ගලයා දිවුලපිටිය, මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි වාසල රහල් නැමති 26 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

සම්පූර්ණ වූ කාඩ්බෝඩ් කොටස් එම යන්ත්‍රයෙන් එළියට ගැනීම මොහුගේ රාජකාරිය වී තිබූ බව පවසන පොලිසිය එලෙස යන්ත්‍රය තුළ හිරවු සම්පූර්ණ වී තිබූ කාඩ්බෝඩ් එකක් යන්ත්‍රය තුළින් එළියට ගැනීමට යෑමේදී ක්‍රියාත්මක වෙමින් තිබූ එම යන්ත්‍රයේ කොටසක් තරුණයාගේ හිසෙහි වැදී ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?