කර්මාන්තශාලා සේවකයෙකු යන්ත්‍රයකට හසු වී ජීවිතක්ෂයට

පල්ලෙවෙල, මුද්දරගම ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යාමේ දී එහි සේවකයෙකු එම යන්ත්‍රයට හසු වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (02) උදෑසන කර්මාන්ත ශාලා සේවකයා මෙම අනතුරට මුහුණ පා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය පුද්ගලයා දිවුලපිටිය, මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි වාසල රහල් නැමති 26 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

සම්පූර්ණ වූ කාඩ්බෝඩ් කොටස් එම යන්ත්‍රයෙන් එළියට ගැනීම මොහුගේ රාජකාරිය වී තිබූ බව පවසන පොලිසිය එලෙස යන්ත්‍රය තුළ හිරවු සම්පූර්ණ වී තිබූ කාඩ්බෝඩ් එකක් යන්ත්‍රය තුළින් එළියට ගැනීමට යෑමේදී ක්‍රියාත්මක වෙමින් තිබූ එම යන්ත්‍රයේ කොටසක් තරුණයාගේ හිසෙහි වැදී ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29