කථානායක ජගත් වික්‍රමරත්න ඉන්දියාවේදී විශේෂ සාකච්ඡාවක

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සමුළුවට ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස එක්වෙති.

පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ 28 වන සමුළුව (CSPOC) ඉන්දීය ගරු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්,ඊයේ (15) වන දින නවදිල්ලියේ පාර්ලිමේන්තු මන්දිර සංකීර්ණයේ සම්විධාන් සදන් මධ්‍යම ශාලාවේදී ආරම්භ කරනු ලැබුවා.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ටියුලියා ඇක්සන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපති ක්‍රිස්ටෝපර් කලීලා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 42 ක කථානායකවරුන් සහ මුලසුන හොබවන නිලධාරීන් සහභාගී වුණා.

මෙම සමුළුව සඳහා මෙරට කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර සහ ශ්‍රී ලංකා
පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කාංචන රුචිත හේරත් යන පිරිස සහභාගී වී සිටියා.

කථානායක ජගත් වික්‍රමරත්න ඉන්දීය ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බර්ලා සමඟ සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

මෙහිදී ආයතනික හුවමාරු, මිත්‍රත්ව කණ්ඩායම්, ව්‍යවස්ථාදායක සහයෝගීතාව, දෙරටේ පාර්ලිමේන්තු අතර අඛණ්ඩ සහයෝගීතාවය ඇතුළුව කෘතිම බුද්ධිය (AI), තත්‍ය කාලීන බහුභාෂා පරිවර්තනය, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතන (PRIDE) වැනි ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් සහ බෝධ් ගයා වැනි සංස්කෘතික සබඳතා ඇතුළු නව තාක්ෂණයෙන් පාර්ලිමේන්තු කටයුතු නවීකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවත්වාගෙන යාම සඳහා කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින් විශේෂ සැසිවාර කිහිපයකින්ම සමන්විතවූ මෙම සමුළුව (CSPOC) අද (16)
අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?