කථානායක ජගත් වික්‍රමරත්න ඉන්දියාවේදී විශේෂ සාකච්ඡාවක

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සමුළුවට ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස එක්වෙති.

පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ 28 වන සමුළුව (CSPOC) ඉන්දීය ගරු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්,ඊයේ (15) වන දින නවදිල්ලියේ පාර්ලිමේන්තු මන්දිර සංකීර්ණයේ සම්විධාන් සදන් මධ්‍යම ශාලාවේදී ආරම්භ කරනු ලැබුවා.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ටියුලියා ඇක්සන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපති ක්‍රිස්ටෝපර් කලීලා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 42 ක කථානායකවරුන් සහ මුලසුන හොබවන නිලධාරීන් සහභාගී වුණා.

මෙම සමුළුව සඳහා මෙරට කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර සහ ශ්‍රී ලංකා
පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කාංචන රුචිත හේරත් යන පිරිස සහභාගී වී සිටියා.

කථානායක ජගත් වික්‍රමරත්න ඉන්දීය ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බර්ලා සමඟ සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

මෙහිදී ආයතනික හුවමාරු, මිත්‍රත්ව කණ්ඩායම්, ව්‍යවස්ථාදායක සහයෝගීතාව, දෙරටේ පාර්ලිමේන්තු අතර අඛණ්ඩ සහයෝගීතාවය ඇතුළුව කෘතිම බුද්ධිය (AI), තත්‍ය කාලීන බහුභාෂා පරිවර්තනය, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතන (PRIDE) වැනි ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් සහ බෝධ් ගයා වැනි සංස්කෘතික සබඳතා ඇතුළු නව තාක්ෂණයෙන් පාර්ලිමේන්තු කටයුතු නවීකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවත්වාගෙන යාම සඳහා කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින් විශේෂ සැසිවාර කිහිපයකින්ම සමන්විතවූ මෙම සමුළුව (CSPOC) අද (16)
අවසන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14