කතෝලික පියතුමෙකුට පහර දුන් බවට සැකපිට පොලිසියේ හයක් අත්අඩංගුවට

පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හයදෙනෙකු ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතෝලික පියතුමෙකු කළ පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් නිලධාරීන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංක්‍රමික යතුරුපැදි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24) පස්වරුවේ ගම්පහ, උඩුගම්පළ ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂා කිරීම්වල දී යතුරුපැදියක් නතර කිරීමට අණකර තිබෙනවා.

කෙසේ වෙතත් එම පොලිස් අණ නොතකා අදාළ යතුරුපැදිය ධාවනය කර ඇති අතර, පසුව පොලිස් නිලධරීන් විසින් කිලෝ මීටර් 1.5ක් පමණ පසුපස ලුහුබැඳ ගොස් එය නතරකර ගැනීමට සමත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ යතුරුපැදිය ධාවනය කළ බව කියන 33 හැවිරිදි කතෝලික පියතුමෙක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී බහින්බස්වීමක් සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් තමාට පහරදුන් බව සදහන් කරමින්, අදාළ පියතුමන් මීගමුව රෝහලට ඇතුළත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ සැකපිට පොලිස් නිලධාරීන් හයදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?