කතෝලික පියතුමෙකුට පහර දුන් බවට සැකපිට පොලිසියේ හයක් අත්අඩංගුවට

පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හයදෙනෙකු ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතෝලික පියතුමෙකු කළ පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් නිලධාරීන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24) පස්වරුවේ ගම්පහ, උඩුගම්පළ ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂා කිරීම්වල දී යතුරුපැදියක් නතර කිරීමට අණකර තිබෙනවා.

කෙසේ වෙතත් එම පොලිස් අණ නොතකා අදාළ යතුරුපැදිය ධාවනය කර ඇති අතර, පසුව පොලිස් නිලධරීන් විසින් කිලෝ මීටර් 1.5ක් පමණ පසුපස ලුහුබැඳ ගොස් එය නතරකර ගැනීමට සමත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ යතුරුපැදිය ධාවනය කළ බව කියන 33 හැවිරිදි කතෝලික පියතුමෙක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී බහින්බස්වීමක් සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් තමාට පහරදුන් බව සදහන් කරමින්, අදාළ පියතුමන් මීගමුව රෝහලට ඇතුළත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ සැකපිට පොලිස් නිලධාරීන් හයදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරනු ලබනවා.

  1. පොලිසිය හැමදාම වැරැදි කරලා බේ රෙන්න බොරු ගොතනවා නෙවෙයි මවනවා ඒ නිසා මේ සිද්දිය ට සාධාරණය පරීක්ෂණ ක් තියන්න පොලිසිය ව්ස්වාස නැහැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46