“කතාකරන්න ඉන්නේ ජනාධිපති විතරයි” – රන්ජන්ට පසු නලීන්ගේ හඬපටයක් එළියට

විවිධ පුද්ගලයින්ගේ හඬපට සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා පසුගිය කාලය පුරා මෙරට දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවා.

නාමල් කුමාර, රන්ජන් රාමනායක වැන්නවුන්ගේ හඬපට හරහා නිර්මාණය වූ එම පුවත් උණුසුම මැකී යද්දී ප්‍රවීණ ගායන සහ සංගීත ශිල්පී නලීන් පෙරේරා මහතාගේ හඬපටයක් මේවන විට සමාජ ජාල පුරා සංසරණය වෙමින් පවතිනවා.

ඔහු ඒ ඔස්සේ ආමන්ත්‍රණය කර පණිවිඩයක් ලබා දෙන්නේ උත්සව කර්මාන්තයට සම්බන්ධ පිරිස් වෙත යි.

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කර තිබූ මොහොතක එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී තිබෙන බව පෙන්වා දීමට තමා මැදිහත් වූ බවත්, ඉන්පසු රජය විසින් උත්සව සඳහා අවසර ලබා දුන් බවත් ඔහු සිහිපත් කරනවා.

කෙසේ වෙතත් විවිධ පාර්ශවයන් විසින් එම අවසරය අවභාවිත කරන බව යි නලීන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

මෙවැනි තත්ත්වයක් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද තමන්ට දුරකතන ඇමතුම් ලබාදුන් බවත් එම ඇමතුම්වලින් තමා දැඩි ලෙස ලැජ්ජාවට පත් වූ බවත් ඔහු පවසනවා.

තමාව ඇමතීමට ඉතිරිව ඇත්තේ ජනාධිපතිවරයා  පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

මේවන විට දැඩි ලෙස කෝපයට පත්ව සිටින තමන් මේ ලබා දෙන්නේ අනතුරු ඇඟවීමක් බවත්, යළිත් උත්සව තහනම් වුවහොත් තමන් ඊට කිසිසේත් මැදිහත් නොවන බවත් ඔහු එම හඬපටය ඔස්සේ පවසනවා.

ඔහු හඬපටය අවසන් කරන්නේ මේ ආකාරයෙන්.

“තමන්ගේ ස්වයං විනය තියා ගන්න හැමෝම. එහෙම නැත්තනම් මමයි කියන්නේ ඉදිරිපත් වෙලා මේක වහන්න. එදාට මාව පාලනය කරන්න බෑ කාටවත්”

අදාළ හඬපටය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?