“කතාකරන්න ඉන්නේ ජනාධිපති විතරයි” – රන්ජන්ට පසු නලීන්ගේ හඬපටයක් එළියට

විවිධ පුද්ගලයින්ගේ හඬපට සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා පසුගිය කාලය පුරා මෙරට දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවා.

නාමල් කුමාර, රන්ජන් රාමනායක වැන්නවුන්ගේ හඬපට හරහා නිර්මාණය වූ එම පුවත් උණුසුම මැකී යද්දී ප්‍රවීණ ගායන සහ සංගීත ශිල්පී නලීන් පෙරේරා මහතාගේ හඬපටයක් මේවන විට සමාජ ජාල පුරා සංසරණය වෙමින් පවතිනවා.

ඔහු ඒ ඔස්සේ ආමන්ත්‍රණය කර පණිවිඩයක් ලබා දෙන්නේ උත්සව කර්මාන්තයට සම්බන්ධ පිරිස් වෙත යි.

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කර තිබූ මොහොතක එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී තිබෙන බව පෙන්වා දීමට තමා මැදිහත් වූ බවත්, ඉන්පසු රජය විසින් උත්සව සඳහා අවසර ලබා දුන් බවත් ඔහු සිහිපත් කරනවා.

කෙසේ වෙතත් විවිධ පාර්ශවයන් විසින් එම අවසරය අවභාවිත කරන බව යි නලීන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

මෙවැනි තත්ත්වයක් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද තමන්ට දුරකතන ඇමතුම් ලබාදුන් බවත් එම ඇමතුම්වලින් තමා දැඩි ලෙස ලැජ්ජාවට පත් වූ බවත් ඔහු පවසනවා.

තමාව ඇමතීමට ඉතිරිව ඇත්තේ ජනාධිපතිවරයා  පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

මේවන විට දැඩි ලෙස කෝපයට පත්ව සිටින තමන් මේ ලබා දෙන්නේ අනතුරු ඇඟවීමක් බවත්, යළිත් උත්සව තහනම් වුවහොත් තමන් ඊට කිසිසේත් මැදිහත් නොවන බවත් ඔහු එම හඬපටය ඔස්සේ පවසනවා.

ඔහු හඬපටය අවසන් කරන්නේ මේ ආකාරයෙන්.

“තමන්ගේ ස්වයං විනය තියා ගන්න හැමෝම. එහෙම නැත්තනම් මමයි කියන්නේ ඉදිරිපත් වෙලා මේක වහන්න. එදාට මාව පාලනය කරන්න බෑ කාටවත්”

අදාළ හඬපටය පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45