කට ඉස්සර කරගත් සූර්යකුමාර්ට දඬුවමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර තුර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට දඩ පැනවීමට අයි.සී.සී තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ මූලික වටයේ පාකිස්ථානය අතර පැවති තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී සූර්යකුමාර් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම දඩ මුදල පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

තරගාලියේ මූලික වටයේ පාකිස්ථාන සමඟ පසුගිය 14 වනදා පැවති තරගයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 07ක ජයක් හිමි වූ අතර, තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායකයා සඳහන් කළේ “මෙම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකර බවයි”.

එමෙන්ම පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල අය සමඟ මෙම ජයග්‍රහණය බෙදාගන්නා බවත් සූර්යකුමාර් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එලෙස සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට තරග ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පාකිස්ථානය විසින් අයි.සී.සීය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුවයි, තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විධිමත් සොයාබැලීමකින් අනතුරුව මෙම දඩ මුදල පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
1
+1
49
+1
2
+1
1
+1
2
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?