ඕස්ට්‍රේලියාවම දෙවනත් වූ ලාංකික පවුලේ ඛේදවාචකය

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජිවත් වූ 40 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු විසින් සිය දරුවන් දෙදෙනාද ඝාතනය කොට සියදිවි නසා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඝාතනයට ලක්වූ පිරිමි දරුවා සය හැවිරිදි වියේ පසුවන අතර කුඩා දියණිය සිව් හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 40 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු වෘත්තියෙන් නගර අලංකරණ ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිට තිබෙනවා.

මිට සති 06 කට පමණ පෙර ෆේස්බුක් මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ තමන් මානසික අවපිඩනයකින් පෙළෙමින් සිටින බවයි. එමෙන්ම තමන් ගැන සොයා බලන ලද සියලු දෙනාට ස්තුතියිවන්ත වන බවද ඔහු එම වීඩියෝවේ දී සඳහන් කර තිබෙනවා.

සියදිවි හානිකර ගත් බවට සැකකෙරෙන ලාංකිකයාගේ බිරිද සිය දරුවන් දෙදෙනා කැඳවා ගෙන ඒමට පෙර නියම කර තිබු ස්ථානයක් කරා ගොස් සිට ඇති අතර එහිදී ළමුන් දෙදෙනා එම ස්ථානයට නොපැමිණ සිට තිබීම නිසා ඔවුන් සොයා ගැනීමට ඇය සිය හිතවතුන්ගේ සහය පතා ඇත.

එහිදී එක් හිතවතෙකු මෙම ශ්‍රී ලාංකික තරුණයා ජිවත්වන නිවසට ගොස් තිබු අතර එහිදී ඇද මත ඝාතනයට ලක්වූ කුඩා දරුවන් දෙදෙනාගේ සිරුරූ හමුව ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටියේ.

සිද්ධියත් සමග ඔහු ඒ බව පොලිසියට දැනුම් දී ඇති අතර ඔවුන් පැමිණ සිදුකල සෝදිසියකදී 40 හැවිරිදි ශ්‍රී ලාංකික පියාගේ මළ සිරුර නිවසේ ගරාජය අසල වැටී තිබී සොයා ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන වීට විමර්ශන සිදුකරනු ලබන බවත් සිද්ධිය සැලවීමත් සමග ඝාතනයට ලක්වූ කුඩා දරුවන් දෙදෙනා වෙනුවෙන් ශෝක පණිවිඩ දසතින් ගලා එමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52