ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජිවත් වූ 40 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු විසින් සිය දරුවන් දෙදෙනාද ඝාතනය කොට සියදිවි නසා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඝාතනයට ලක්වූ පිරිමි දරුවා සය හැවිරිදි වියේ පසුවන අතර කුඩා දියණිය සිව් හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 40 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු වෘත්තියෙන් නගර අලංකරණ ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිට තිබෙනවා.
මිට සති 06 කට පමණ පෙර ෆේස්බුක් මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ තමන් මානසික අවපිඩනයකින් පෙළෙමින් සිටින බවයි. එමෙන්ම තමන් ගැන සොයා බලන ලද සියලු දෙනාට ස්තුතියිවන්ත වන බවද ඔහු එම වීඩියෝවේ දී සඳහන් කර තිබෙනවා.
සියදිවි හානිකර ගත් බවට සැකකෙරෙන ලාංකිකයාගේ බිරිද සිය දරුවන් දෙදෙනා කැඳවා ගෙන ඒමට පෙර නියම කර තිබු ස්ථානයක් කරා ගොස් සිට ඇති අතර එහිදී ළමුන් දෙදෙනා එම ස්ථානයට නොපැමිණ සිට තිබීම නිසා ඔවුන් සොයා ගැනීමට ඇය සිය හිතවතුන්ගේ සහය පතා ඇත.
එහිදී එක් හිතවතෙකු මෙම ශ්‍රී ලාංකික තරුණයා ජිවත්වන නිවසට ගොස් තිබු අතර එහිදී ඇද මත ඝාතනයට ලක්වූ කුඩා දරුවන් දෙදෙනාගේ සිරුරූ හමුව ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටියේ.
සිද්ධියත් සමග ඔහු ඒ බව පොලිසියට දැනුම් දී ඇති අතර ඔවුන් පැමිණ සිදුකල සෝදිසියකදී 40 හැවිරිදි ශ්‍රී ලාංකික පියාගේ මළ සිරුර නිවසේ ගරාජය අසල වැටී තිබී සොයා ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන වීට විමර්ශන සිදුකරනු ලබන බවත් සිද්ධිය සැලවීමත් සමග ඝාතනයට ලක්වූ කුඩා දරුවන් දෙදෙනා වෙනුවෙන් ශෝක පණිවිඩ දසතින් ගලා එමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.











pita rata jeewath wena boho wideshikayin manasika roga walata goduru wenawa. kaema beema yahamin thibunath owun manasikawa dushkaratha walata muhuna denawa. oya wage ammala ganath nithara waartha wenawa