ඔලිම්පික් ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මැක්ස්වල් ද සිල්වා මහතාව එම තනතුරින් අත්හිටුවීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුනු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා.

එහෙත් මැක්ස්වල් ද සිල්වා මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

තමන්ව එම තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් මැක්ස්වල් ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟතාව ඇතිව විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ජූනි මස 12 වනදාට පෙර ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඬුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම්; ඒවා ජූලි මස 14 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 04 වනදා පැවැත්වීමට ද අධිකරණය විසින් දින නියම කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ සිය තනතුරේ බලය අයුතු ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය තනතුර අත්හිටුවීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

එවැනි තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් එබැවින් එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?