ඔලිම්පික් ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මැක්ස්වල් ද සිල්වා මහතාව එම තනතුරින් අත්හිටුවීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුනු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා.

එහෙත් මැක්ස්වල් ද සිල්වා මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

තමන්ව එම තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් මැක්ස්වල් ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟතාව ඇතිව විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ජූනි මස 12 වනදාට පෙර ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඬුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම්; ඒවා ජූලි මස 14 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 04 වනදා පැවැත්වීමට ද අධිකරණය විසින් දින නියම කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ සිය තනතුරේ බලය අයුතු ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය තනතුර අත්හිටුවීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

එවැනි තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් එබැවින් එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56