ඔමික්‍රෝන්වලත් තව අනුප්‍රබේධ දෙකක්

ඔමික්‍රෝන් කොරෝනා වෛරසය විවිධ අනු ප්‍රභේද ලෙස ව්‍යාප්තවෙමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

ඩෙන්මාර්කයේ සිදුකර ඇති පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ BA.2 නම් අනු ප්‍රභේදය ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත බවය.

එම පර්යේෂණය සඳහා දෙසැම්බර් සහ ජනවාරි අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සහිත නිවෙස් 8,500ක් භාවිත කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ BA.2 අනු ප්‍රභේදය 33%කට ආසාදනය වී ඇති බවත් ඔවුන්ගෙන් අන්අයට ආසාදනයවීමේ සම්භාවිතාව BA.1 අනු ප්‍රභේදයට වඩා වැඩි බවත් ය. 

ඒ අනුව පර්යේෂකයින් පවසන්නේ BA.2 අනු ප්‍රභේදය BA.1 ප්‍රභේදයට වඩා 33%ක් වේගයෙන් පැතිරයන බවය.

මේ වනවිට BA.2 ආසාදිතයින් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ස්වීඩනය, සහ නොර්වේ යන රටවලින් අඩු වශයෙන් හමුවී ඇත.
නමුත් ඩෙන්මාර්කයේ හඳුනාගෙන ඇති ආසාදිතයින්ගෙන් 82%ක් පමණ BA.2 අනු ප්‍රභේදය ආසාදනයවූවන් බව සඳහන් වෙයි.

BA.2 අනු ප්‍රභේදයට ප්‍රතිශක්තිය මඟහැර යෑමේ හැකියාව ඇති බවද පර්යේෂකයෝ පවසති.

නමුත් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටි සහ බූස්ටර් එන්නත ලබාගෙන සිටි පුද්ගලයින්ට මෙම වෛරස අනු ප්‍රභේද ආසාදනයවීම සහ වෛරසය ව්‍යාප්ත කිරීමේ අවස්ථාව එන්නත් ලබා නොගත් අයට වඩා අඩු බවද ඔවුන් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?