ඔමික්‍රෝන්වලත් තව අනුප්‍රබේධ දෙකක්

ඔමික්‍රෝන් කොරෝනා වෛරසය විවිධ අනු ප්‍රභේද ලෙස ව්‍යාප්තවෙමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

ඩෙන්මාර්කයේ සිදුකර ඇති පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ BA.2 නම් අනු ප්‍රභේදය ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත බවය.

එම පර්යේෂණය සඳහා දෙසැම්බර් සහ ජනවාරි අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සහිත නිවෙස් 8,500ක් භාවිත කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ BA.2 අනු ප්‍රභේදය 33%කට ආසාදනය වී ඇති බවත් ඔවුන්ගෙන් අන්අයට ආසාදනයවීමේ සම්භාවිතාව BA.1 අනු ප්‍රභේදයට වඩා වැඩි බවත් ය. 

ඒ අනුව පර්යේෂකයින් පවසන්නේ BA.2 අනු ප්‍රභේදය BA.1 ප්‍රභේදයට වඩා 33%ක් වේගයෙන් පැතිරයන බවය.

මේ වනවිට BA.2 ආසාදිතයින් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ස්වීඩනය, සහ නොර්වේ යන රටවලින් අඩු වශයෙන් හමුවී ඇත.
නමුත් ඩෙන්මාර්කයේ හඳුනාගෙන ඇති ආසාදිතයින්ගෙන් 82%ක් පමණ BA.2 අනු ප්‍රභේදය ආසාදනයවූවන් බව සඳහන් වෙයි.

BA.2 අනු ප්‍රභේදයට ප්‍රතිශක්තිය මඟහැර යෑමේ හැකියාව ඇති බවද පර්යේෂකයෝ පවසති.

නමුත් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටි සහ බූස්ටර් එන්නත ලබාගෙන සිටි පුද්ගලයින්ට මෙම වෛරස අනු ප්‍රභේද ආසාදනයවීම සහ වෛරසය ව්‍යාප්ත කිරීමේ අවස්ථාව එන්නත් ලබා නොගත් අයට වඩා අඩු බවද ඔවුන් පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26