AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් මගින් පවුලේ උදවිය අමතන්න රැඳවූවන්ට අද සිට අවස්ථාව

බන්ධනාගාර ගත රැඳවූවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය පවුලේ සාමාජිකයන් ඇමතීමට අවස්ථාව අද (15 වැනිදා) සිට හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර තුළ ස්ථාපිත කරන ලද විශේෂ වීඩියෝ තාක්ෂණ මැදිරිවල සිට එම රැඳවූවන්ට අදාළ ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් සලසන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ආරම්භ කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසීය.

බන්ධනාගාර රැඳවූවන්ට සිය පවුලේ ඥාතින් සමග සම්බන්ධතා පැවැත්වීමේ කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ඔවුන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබාගැනීමට පහසුකම් ලබාදෙන බව සඳහන් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, මෙහිදී යහපත් හැසිරීමෙන් සිටින සිරකරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය සඳහා තොරතුරු තාක්ෂණ අංශය විසින් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත්, එහි ලියාපදිංචි වූ රැඳවූවන්ට යම් යම් සීමාවන්ට යටත්ව, විශේෂයෙන්ම මසකට එක් වරක් හෝ පවුලේ සමාජිකයන් හා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?