මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක උර තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් මාට්ටු

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

එම බහුදින ධිවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙන් ගොඩබිමට රැගෙන එමින් පවතිනවා.