ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න හෙට අවස්ථාව

හෙට (01) දිනයේ දී පමණක් වාහන අංක තහඩුවේ අවසන් අංකය තෝරා බැලීමකින් තොරව පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙනවා.

රට තුළ මතුව තිබෙනවා ඉන්ධන අර්බුදය හමුවේ වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමටයි මීට පෙර අවසර හිමි වුණේ.

ඒ, අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6, 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7, 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට සිදුකරනු ලබනවා.

අද (31) දිනය සහ හෙට (01) යන දෙදිනම ඔත්තේ දිනයන්වීම හේතුවෙන් හෙට (01) දිනයේ දී ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබුණා.

ඊට පිලියමක් ලෙසයි හෙට (01) දිනයේ දී වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සහ ඉරට්ටේ තෝරා බැලීමකින් තොරව සියලුම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අවස්ථාව ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27