ඔන්ලයින් මගින් පවුලේ උදවිය අමතන්න රැඳවූවන්ට අද සිට අවස්ථාව

බන්ධනාගාර ගත රැඳවූවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය පවුලේ සාමාජිකයන් ඇමතීමට අවස්ථාව අද (15 වැනිදා) සිට හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර තුළ ස්ථාපිත කරන ලද විශේෂ වීඩියෝ තාක්ෂණ මැදිරිවල සිට එම රැඳවූවන්ට අදාළ ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් සලසන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ආරම්භ කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසීය.

බන්ධනාගාර රැඳවූවන්ට සිය පවුලේ ඥාතින් සමග සම්බන්ධතා පැවැත්වීමේ කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ඔවුන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබාගැනීමට පහසුකම් ලබාදෙන බව සඳහන් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, මෙහිදී යහපත් හැසිරීමෙන් සිටින සිරකරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය සඳහා තොරතුරු තාක්ෂණ අංශය විසින් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත්, එහි ලියාපදිංචි වූ රැඳවූවන්ට යම් යම් සීමාවන්ට යටත්ව, විශේෂයෙන්ම මසකට එක් වරක් හෝ පවුලේ සමාජිකයන් හා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11
Video thumbnail
අපේ ආණ්ඩුව ලෝකෙටම උදාහරණයක් - උතුම් විදිහට වැඩ කරන්නේ
13:57
Video thumbnail
නාමල් ජනාධිපති වෙන එක කාටත් නවත්වන්න බෑ
08:06
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19