IMF සමඟ සාකච්ඡාකොට ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න – සජිත් ප්‍රේමදාස

වත්මන් යුදමය තත්ත්වය තුළ අප ර‌‌ටේ ආර්ථිකය දැවැන්ත අසීරුතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම බාල ගල් අගුරු යෙදවීම තුළ මෙරට බලශක්ති සුරක්ෂිතභාවයට ද මරු පහරක් එල්ල වී ඇති බවයි විපක්ෂ නායකවරයා සදහන් කළේ.

තෙල් මිල, විදුලි බිල වැඩි වීම හේතුවෙන් ජිවන බර සහ උද්ධමනය ඉහළ යාම නිසා සමස්ත ජන ජිවිතයට දැවැන්ත ලෙස බලපෑම් එල්ල වී ඇති බවත්, මේ හේතුවෙන් රටේ ජනතාව මර උගුලකට හසුවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (31) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

ඒ අනුව රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාකොට සහන පැකේජයක් ජනතාව ලබාදිය යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13