ඔන්මැක්ස් ඩී.ටී. පිරමීඩ මූල්‍ය වංචාවේ යළි මුදල් ගෙවීමේ ක්‍රමවේදයට නීතිපතිගෙන් විරෝධයක්

ඔන්මැක්ස් ඩී.ටී. නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර අගතියට පත් වූ තැන්පත්කරුවන්ට සහන සැලසීමට සැකකාර අධ්‍යක්ෂකවරුන් ඉදිරිපත් කර ඇති මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයට මේ අවස්ථාවේදී එකඟ විය නොහැකි බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කරුණු දක්වමින් ඊයේ (05) පැවසුවා.

සැකකාර අධ්‍යක්ෂකවරුන් වංචා කළේ යැයි දැනට හඳුනාගෙන ඇති කෝටි ගණන් වටිනා දේපළවල වඩා වැඩි කෝටි ගණනක දේපළක් විමර්ශන මගින් තවදුරටත් අනාවරණය වන හෙයින් එම දේපළ ද අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගෙවීමේ ක්‍රමවේදයක් සකසා අධිකරණයට ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බැවින් සැකකරුවන් ඉදිරිපත් කර ඇති ගෙවීමේ ක්‍රමවේදය අනුමත කළ නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වර්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් පැවසූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් ගෙවීමේ ක්‍රමවේදය සකසා ඇත්තේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් රහස් පොලිසිය හා රජය විසින් හඳුනාගත් හා අත්අඩංගුවට ගත් දේපළවලට පමණක් බවත්,ඊට එහා ගිය දේපලක් විත්තිකරුවන් සතු බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

නඩුවේ දහවන සැකකරු ලෙස නම්කර ඇතිි වෛද්‍යවරයෙකු යැයි කියන සමන්ත කුලසිරි අධ්‍යක්ෂවරයා එකම දිනක රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 19 ක් මිල දී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්, එම ඉඩම් 19, මුදල් ඇතුළු තවත් දේපළ රාශියක් අත්පත් කර ගැනීමට තිබෙන බැවින් ගෙවීමේ ක්‍රමවේදය ඉන්පසුව ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් පැවසුවා.

එසේ එක රැයෙන් මුදල් රැස් කළ සැකකාර අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව බැංකු පනතේ විධි විධාන ප්‍රකාරව පමණක් නොව මුදල් විශුද්ධීකරණ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරන බව ද වැඩිදුරටත් සඳහන් කළා.

ඔන් මැක්ස් ඩීටි නීතිවිරෝධී මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් කෝටි පන්දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකාර අධ්‍යක්ෂකවරුන් දොළොස් දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඔස්වලඩ් පෙරේරා මහතා මෙම කරුණු ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?