2026 අයවැය වැඩි ඡන්ද 157කින් සම්මත වෙයි

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී වැඩි ඡන්ද 157ක් ලබා ගනිමින් 2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වුණා.

මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 158ක් ද විපක්ෂව ඡන්ද 01ක් ද හිමි වුණා.

මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා.

පසුගිය මස 07 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.