කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට උපදෙස්

කෘෂිකර්මාන්තය සහ වැවිලි අංශය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ප්‍රකාශ කළා.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා, සළකාබැලීම සඳහා පසුගිය 24 සහ 26 යන දිනවල පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඔහුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

විදේශයන්හි සිටින බොහෝ වෘත්තිකයන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සහ පශු සම්පත් අංශයේ සංවර්ධනයට දායක වීමට කැමැත්තෙන් සිටින බවත්, එවැනි පුද්ගලයින්ගේ සහයෝගය ලබා ගනිමින් මෙම අංශය සංවර්ධනය කිරීම කෙරෙහි බලධාරීන් අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සඳහන් කළා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයේදී පැන නගින ඉඩම් ගැටලු විසඳීම සඳහා මැදිහත් වීමට කාරක සභාව අපේක්ෂා කරන බව ද කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙදින කාරක සභාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මේ අතර, වැවිලි අංශයේ තේ සහ රබර් භෝග පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළ අතර, ඒ සඳහා විදේශීය විශේෂඥයින්ගේ සහාය ද ලබා ගත හැකි බව පැවසුවේය. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ද මෙහිදී සලකා බලා අනුමත කරනු ලැබුවා.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රොෂාන් අක්මීමන, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, ඥානමුත්තු ශ්‍රීනේසන්, කිංස් නෙල්සන් යන අය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28