මාලදිවයිනෙන් ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්

ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

බහාලුම් 14ක අසුරන ලද මෙම ටූනා ටින් මාළු තොගය අද (05) පස්වරුවේ මාලදිවයිනේ මහ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාර දුන් අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් ධර්මවික්‍රම, බටහිර නාවික ප්‍රදේශයේ නියෝජ්‍ය ප්‍රාදේශීය අණදෙන නිලධාරී කොමදෝරු අරුණ විජේවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා යන අය එම අවස්ථාවට සහභාගී වී සිටියා.

ආපදාවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම ඇතුළු සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වෙමින් මාලදිවයින් රජය මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර මෙම ආහාර ද්‍රව්‍ය කඩිනමින් ආපදාවට ලක් වු ප්‍රදේශවල ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරන බව නිලධාරීන් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52