ඔන්මැක්ස් ඩී.ටී. පිරමීඩ මූල්‍ය වංචාවේ යළි මුදල් ගෙවීමේ ක්‍රමවේදයට නීතිපතිගෙන් විරෝධයක්

ඔන්මැක්ස් ඩී.ටී. නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර අගතියට පත් වූ තැන්පත්කරුවන්ට සහන සැලසීමට සැකකාර අධ්‍යක්ෂකවරුන් ඉදිරිපත් කර ඇති මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයට මේ අවස්ථාවේදී එකඟ විය නොහැකි බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කරුණු දක්වමින් ඊයේ (05) පැවසුවා.

සැකකාර අධ්‍යක්ෂකවරුන් වංචා කළේ යැයි දැනට හඳුනාගෙන ඇති කෝටි ගණන් වටිනා දේපළවල වඩා වැඩි කෝටි ගණනක දේපළක් විමර්ශන මගින් තවදුරටත් අනාවරණය වන හෙයින් එම දේපළ ද අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගෙවීමේ ක්‍රමවේදයක් සකසා අධිකරණයට ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බැවින් සැකකරුවන් ඉදිරිපත් කර ඇති ගෙවීමේ ක්‍රමවේදය අනුමත කළ නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වර්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් පැවසූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් ගෙවීමේ ක්‍රමවේදය සකසා ඇත්තේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් රහස් පොලිසිය හා රජය විසින් හඳුනාගත් හා අත්අඩංගුවට ගත් දේපළවලට පමණක් බවත්,ඊට එහා ගිය දේපලක් විත්තිකරුවන් සතු බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

නඩුවේ දහවන සැකකරු ලෙස නම්කර ඇතිි වෛද්‍යවරයෙකු යැයි කියන සමන්ත කුලසිරි අධ්‍යක්ෂවරයා එකම දිනක රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 19 ක් මිල දී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්, එම ඉඩම් 19, මුදල් ඇතුළු තවත් දේපළ රාශියක් අත්පත් කර ගැනීමට තිබෙන බැවින් ගෙවීමේ ක්‍රමවේදය ඉන්පසුව ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් පැවසුවා.

එසේ එක රැයෙන් මුදල් රැස් කළ සැකකාර අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව බැංකු පනතේ විධි විධාන ප්‍රකාරව පමණක් නොව මුදල් විශුද්ධීකරණ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරන බව ද වැඩිදුරටත් සඳහන් කළා.

ඔන් මැක්ස් ඩීටි නීතිවිරෝධී මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් කෝටි පන්දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකාර අධ්‍යක්ෂකවරුන් දොළොස් දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඔස්වලඩ් පෙරේරා මහතා මෙම කරුණු ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14