වැසි තත්වය වැඩි වුණොත් මොරගහකන්ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවට නිවේදනයක්

මොරගහකන්ද ජලාශයේ අද (05) පෙරවරුවේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 184.60 ක් වන අතර සමස්ථ ජල ප්‍රතිශතය 97.87% ක් වන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරුවේ නිකුත් කළ කාලගුණ නිවේදනය අනුව වැසි තත්වය වර්ධනය වීමක් සිදු වුවහොත් මොරගහකන්ද ජලාශයද උපරිම ජල මට්ටම කරා පැමිණෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

උපරිම ජල මට්ටමේදී ජලාශය වෙත ජලය ලැබෙන සීඝ්‍රතාවය අනුව වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව ජලාශය වාන් දැමීමේදී මහවැලි ගගේ අතු ගංගාවක් වන අඹන් ගඟට වාන් ජලය මුදා හැරෙන අතර එමගින් අඹන් ගගේ සහ මහවැලි ගගේ ජල මට්ටම ඉහල යාමක් සිදු වන බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37