එංගලන්තය හමුවේ අමිහිරි පරාජයක් – ශ්‍රී ලංකාව අසීරු තැනක

2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්වන තරගයෙන් එංගලන්තය හමුවේ පරාජයවීමට සිදු වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ඊයේ (11) පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ ලකුණු 89කින්.

මෙම තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 253ක් රැස් කළා.

එංගලන්ත ඉනිමේ බර කරට ගත් නායක නැට් සිවර් බ්‍රන්ට් පන්දු 117කට ලකුණු 117ක් රැස් කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 02ක්ද සමගින්.

ඇය එක් දින පිටියේ රැස් කළ 09 වන වැනි ශතකයි.

පන්දු යැවීමේ ඉනෝකා රණවීර ලකුණු 33ට එංගලන්ත ඉනිමේ කඩුලු 03ක් දවා ගත්තා.

අනතුරුව ලකුණු 254ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 45යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 164ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 35ක් රැස්කළ අතර හර්ෂිත සමරවික්‍රම ලකුණු 33ක් රැස් කළා.

අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 25 සීමාව ඉක්මවා යාමට එංගලන්ත පන්දු යවන්නියන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිතිකරණයේ දී සිටිය දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

කෙසේ වෙතත් පසුව යළිත් ඇය පිතිකරණය සඳහා පැමිණි අතර, යට රැස්කර ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි.

පන්දු යැවීමේ දී සොෆී එක්ලෙස්ටෝන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයගත් එංගලන්තය තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.

ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානයේ රැඳී සිටිමින් අසීරු අඩියක පසුවනවා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දී නවසීලන්ත, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශ සහ පකිස්ථාන කණ්ඩායම් සමග තරග කිරීමට නියමිත අතර, එම තරගවල ජයග්‍රහණයන් ශ්‍රී ලංකාවට තීරණාත්මක වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය අනිද්දා (14) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?