එංගලන්තය හමුවේ අමිහිරි පරාජයක් – ශ්‍රී ලංකාව අසීරු තැනක

2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්වන තරගයෙන් එංගලන්තය හමුවේ පරාජයවීමට සිදු වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ඊයේ (11) පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ ලකුණු 89කින්.

මෙම තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 253ක් රැස් කළා.

එංගලන්ත ඉනිමේ බර කරට ගත් නායක නැට් සිවර් බ්‍රන්ට් පන්දු 117කට ලකුණු 117ක් රැස් කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 02ක්ද සමගින්.

ඇය එක් දින පිටියේ රැස් කළ 09 වන වැනි ශතකයි.

පන්දු යැවීමේ ඉනෝකා රණවීර ලකුණු 33ට එංගලන්ත ඉනිමේ කඩුලු 03ක් දවා ගත්තා.

අනතුරුව ලකුණු 254ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 45යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 164ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 35ක් රැස්කළ අතර හර්ෂිත සමරවික්‍රම ලකුණු 33ක් රැස් කළා.

අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 25 සීමාව ඉක්මවා යාමට එංගලන්ත පන්දු යවන්නියන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිතිකරණයේ දී සිටිය දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

කෙසේ වෙතත් පසුව යළිත් ඇය පිතිකරණය සඳහා පැමිණි අතර, යට රැස්කර ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි.

පන්දු යැවීමේ දී සොෆී එක්ලෙස්ටෝන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයගත් එංගලන්තය තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.

ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානයේ රැඳී සිටිමින් අසීරු අඩියක පසුවනවා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දී නවසීලන්ත, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශ සහ පකිස්ථාන කණ්ඩායම් සමග තරග කිරීමට නියමිත අතර, එම තරගවල ජයග්‍රහණයන් ශ්‍රී ලංකාවට තීරණාත්මක වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය අනිද්දා (14) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

  1. හරි ලැජ්ජයි. අපේ අයට ඇත්තටම ක්‍රිකට් බෑ. එකයි පරදින්න හේතුව. කාසියේ වාසිය දිනලා පළමුවෙන් බැට් කරනවද බෝල් කරනවද කියන එක ගැනවත් දැනුමක් නෑ
    අපේ කට්ටිය බැට් කරනවා දැක්කමහිතුනා මේගොල්ලෝ හරියට කක්කුට්ටෝ වගේ එහාට මෙහාට පැන පැන ඇඹරි ඇඹරි පන්දුවෙන් බේරෙන්න දඟලනවා.

    යන්න ගියාම එකා පස්සෙ එකා පෝලිමට යනවා..
    මේ අයට වයස වැඩ්යි. ඇඟවල් නැවෙන්නේ නෑ. ගල් වෙලා වගෙයි.
    තව දුරටත් කාන්තා ක්‍රිකට් ගහනවා නම් තරුණ කෙල්ලෝ ටිකක් හොයා ගන්න වෙයි ඉන්දියාවේ, දකුණු අප්‍රිකාව්, එංගලන්තේ, බංගලාදේශයෙ.. වගේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11