උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට නව අවස්ථාවක්

මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා විසිදහසක් වාර්ෂිකව ඇති වන නමුත්, එම රැකියා පුරප්පාඩු පියවීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායේ හිඟයක් ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ උපාධිධාරීන් දසදහසක් පමණ වාර්ෂිකව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල වෙතින් පිටවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ සමත් තරුණ තරුණියන් පුහුණු කළ යුතුව තිබෙන බවයි සඳහන් කළේ.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ‘ජාත්‍යන්තර අධ්‍යාපන සංසදය – 2023’ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.‍

මෙම ජාත්‍යන්තර අධ්‍යාපන සංසදය – 2023, ‘INFOTEL ICT’ ප්‍රදර්ශනයට සමගාමීව නොවැම්බර් මස 03 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කනක හේරත් මහතා,

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා. එවැනි පසුබිමක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක්.

ජාතික ආර්ථිකය නඟාසිටුවීමේ වැඩපිළිවෙළට තාක්ෂණයෙන් සන්නද්ධ වෘත්තිකයන්ගේ සහාය ඉතා වැදගත් වෙනවා. නව තාක්ෂණය සමඟ පවතින අධ්‍යාපන ක්‍රමය ද වෙනස් විය යුතුයි.

වාර්ෂිකව තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ රැකියා අවස්ථා 20000ක් පමණ ඇති වෙනවා. එවැනි තත්ත්වයක් තුළ තොරතුරු තාක්ෂණ අංශයේ වෘත්තිකයන් සිටින්නේ දසදහසක් පමණයි.

තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ වෘත්තිකයන්ගේ ලොකු හිඩැසක් අප රටේ තිබෙනවා. එම හිඩැස පිරවීමට අවශ්‍යයි. මේ සඳහා හිඩැස සම්පූර්ණ කර ගැනීමට උසස් පෙළ සමත් තරුණ තරුණියන් යොදා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ කෙරෙහි අප රජය අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව 2030 වසර වන විට ජාතික ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික අරමුණ ඇතිව ‘DIGIECON 2030’ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. රජයේ එම වැඩසටහන සාක්ෂාත් කර ගැනීම උදෙසා සමගාමීව සංවිධානය කරන එක් වැඩසටහනක් ලෙස මෙම ජාත්‍යන්තර අධ්‍යාපන සංසදය හඳුන්වන්න පුළුවන්.

රටේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ඉදිරියට ගෙන යෑමේදී මේ රටේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ මැදිහත් වීම ඉතා වැදගත් වෙනවා. එනිසා මේ සඳහා සහභාගි වෙන ලෙසට සියලුම තරුණ තරුණියන්ටත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ආරාධනා කර සිටිනවා.

DIGIECON 2030 වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අධ්‍යාපන ආයතන, සිය තාක්ෂණය පදනම් කරගත් නිපුණතා බළකාය වර්ධනය කිරීමටත්, අනාගතයේදී මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට අදාළ අංශ සවිබල ගැන්විය යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති (FITIS) ඉන්දික ද සොයිසා මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ අධ්‍යාපන අංශයේ සභාපති අමිල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථිකයක් තුළින් රටේ ආර්ථිකය නඟාසිටුවීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ සහ පුහුණුවේ වත්මන් ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම සහ අත්දැකීම් බෙදා ගැනීම ඉතා වැදගත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16