උසස් පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දැමූ බව විභාග කොමසාරිස් යළිත් දැනුම්දෙයි (වීඩියෝ)

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ යළිත් දැනුම් දෙනවා.

පවතින ආපාදාතත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, අදාළ විභාග නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග කොමසාරිස්වරිය සඳහන් කරනවා.

විදුලිය බිඳවැට්ම් සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් මේ සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ දැනුම්දීම නිසි පරිදි සන්නිවේදනය නොවී ඇති බවයි විභාග කොමසාරිස්වරිය පවසන්නේ.

විභාගය සම්බන්ධයෙන් විමසීම සඳහා ලබා දී ඇති දුරකතන අංක 1911 වෙත විභාග පිළිබඳ විමසීම් අති විශාල ප්‍රමාණයක් ලැබෙන බව ඇය සඳහන් කළා.

ඒ අනුව දින නියමයකින් තොරව උසස් පෙළ විභාගය කල් දමා ඇති බව බව ඇය යළිත් අවධාරනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
4
+1
22
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?