උපත් පාලන ක්‍රම සඳහා චීනය බදු ගසයි

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි චීනය උපත් පාලන ක්‍රම සඳහා 13% ක අගය එකතු කළ බද්දක් (වැට් බද්දක්) අය කිරීම ආරම්භ කර තිබෙනවා.

චීනය අඛණ්ඩ ජනගහන පහත වැටීමකට මුහුණ දෙන බැවින් උපත් සංඛ්‍යාව ඉහළ නැංවීමේ උත්සාහයක කොටසක් ලෙස මෙම තීරණය චීන රජය විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

චීනය විසින් වසර 30 කට වැඩි කාලයක සිට දැඩිව ක්‍රියාත්මක කළ “එක් පවුලකට එක් දරුවෙක්” ප්‍රතිපත්තිය ජනගහනය පාලනය කිරීමට උත්සාහ කරනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි චීන ජනගහනය පහත වැටීමකට මේ වනවිට මුහුණ දී ඇත්තේ.

ඒ, අනුව උපත් සංඛ්‍යාව ඉහළ නැංවීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබෙන්නේ.

මේ අතර චීන රජය මඟින් මෙම වසරේදී ජාතික ළමාරක්ෂක සහනාධාර වැඩසටහන සඳහා යුවාන් බිලියන 90ක් වෙන්කර තිබෙනවා.

එමඟින් වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වාර්ෂිකව යුවාන් 3,600ක් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?