උත්සව සමයේ රට වසා දමනවාද ? – මෙන්න තීරණය

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. මේ අතර, නව ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මෙරටට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අද යලි ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, එම ප්‍රභේදය ආසාදිත වූවන් නොදැනුවත්ව හෝ මෙරටට ඇතුළු විය හැකි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ. 

එසේම, නව ප්‍රභේදයේ ආසාදිතයින් හදුනාගත හැක්කේ, නියැදි පරීක්ෂණ හරහා පමණක් බවද ඔහු කියා සිටියා. නව ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මුව ආවරණය පැලඳීම සහ එන්නත්කරණය සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ. නව ප්‍රභේදය සඳහා අවශ්‍ය වුවහොත් නව එන්නතක් නිෂ්පාදනය කිරීමට වුව ද සූදානම් බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56
Video thumbnail
ඕනි දේකට අඬන බබාලා ටිකක් ඉන්නවා ආණ්ඩුවේ - රූපණය තියෙනවා හැබැයි වැඩ නම් නෑ
07:55
Video thumbnail
චරිත්ගේ දුරකථන සංවාදය AI එකක් ? වටගල - ප්‍රසාද් සර්ට කට උත්තර නැති කරයි
06:25
Video thumbnail
ප්‍රසාද්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - හර්ෂණ තමයි මිනීම#වා
06:40
Video thumbnail
අධිකරණ ඇමතිකමට ඒක තේරෙන මනුස්සයෙක් දාන්න
04:13
Video thumbnail
නාවලපිටිය නගර සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා කවුද ජනාධිපතිද ? බ# වැඩ හලෝ..පට්ට පීච්චම්
09:57
Video thumbnail
කට උල් කරලා බොරු කිව්වා දැන් ඇති - ජනාධිපතිතුමා ඔයා යන්න
03:11
Video thumbnail
වගා කිරීමට ඉඩ නොඳීම නිසා දිවුලපතාන ගම්වාසීන් දැඩි අසරණ වෙයි - බය කරලා එලවන්න මීහ#ක් නෙවෙයි ඉන්නේ
14:01
Video thumbnail
පුංචි මදුරුවෙක්ට ආණ්ඩුව බයයි නම් බලය දීලා යන්න
02:25
Video thumbnail
මමත් හරිනි, අගමැතිතුමියත් හරිනි - අපේ නමේ ගෞරවය රකින්න
01:21