පසුගියදා තංගල්ල, උණාකූරුව ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ වෙඩි තබා අඹු සැමි යුවලක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින දෙකක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිවිම ඊයේ (21) අවසර හිමිව තිබුණා.
පසුව අද (22) දිනයේ නැවත එම සැකකරුවන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ශාමාලා බුටාවත්ත මෙනවිය නියෝග කර තිබෙනවා.
මෙම ද්විත්ව ඝාතනය සිදු වූ දිනට පෙර දින, ඉහත සැකකරුවන් දෙදෙනා විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක ගමන්කරමින් ඝාතකයින්ට උණාකුරුව ප්‍රදේශයේ නිවාසවල තොරතුරු ලබාදී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා
සැකකරුවන් දෙදෙනා තංගල්ල, සීනිමෝදර, කොස්කොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් එක් අයෙක් දෙහිබාලේ නැමති පාතාල කල්ලි නායකයාගේ ළඟම හිතවතෙක් වන අතර අනෙක් සැකකරු විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන තරුණයෙක් බවයි වාර්තා වන්නේ.





